ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවටයි එම සංවිධානය සඳහන් කරන්නේ.
මේ අතර, ගත වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
එහි අගය දැක්වුණේ මිලිමීටර් 162යි දශම 5ක් ලෙසයි.
ඊයේ පෙරවරු 08.30 සිට අද පෙරවරු 7 දක්වා කාලය තුළ වලල්ලාවිටට මිලිමීටර් 112යි දශම 5ක වර්ෂාපතනය් සහ හොරණ ප්‍රදේශයට මිලිමීටර් 111යි දශම 5ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.