2024 මහ මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (04) ආරම්භ වනවා.
නාමයෝජනා භාරගැනීම 11 වැනිදා මධ්‍යහන 12ට අවසන් වේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා භාරගැනීමේ ආරම්භක දිනයේ සහ නාමයෝජනා භාරගැනීම අවසන් වන දින පෙළපාලි සහ කණ්ඩායම් හැසිරීම සපුරා තහනම් බවයි.
නාමයෝජනා භාරගැනීම සහ මැතිවරණය පැවැත්වෙන දිනය අතර ආරක්ෂාව සහ රජයේ මුද්‍රණාලයේ කටයුතු සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.