ජාතික ජන බලවේගය පැවසූ පරිදි උගන්ඩාවේ සඟවා ඇති මුදල් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කාලය එළඹ ඇති බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
උගන්ඩාවේ, සීෂෙල්ස්, ලොස් ඇන්ජලීස් රට පුරා ජනතාවගෙන් කොල්ල කෑ දේ යළි ගෙන ඒමට හැක්කේ අදූශිත දේශපාලන බලවේගයට පමණක් බව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ සමයේදී මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් සමඟින් එම පණිවිඩයේ සඳහන් වේ.
එම වීඩියෝවේ “උගන්ඩාවේ අපෙන් හොරකම් කරපු සල්ලි තියෙනවා, අපිට ඒවා ගන්න ඕන නැද්ද?” යන්න නීතීඥ නිලන්ති කොට්ටාචි මහත්මිය මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමකි.
නාමල් රාජපක්ෂ එම X පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ජනාධිපති අනුරදිසානායක සහ ඔහුගේ කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ චෝදනා කරමින් සිටි අපි උගන්ඩාවේ සහ විවිධ රටවල ඩොලර් බිලියන ගණනක් සන්තකයේ තබා ඇති බවත් ජනාධිපති AKDට එම චෝදනා ඔප්පු කිරීමට දැන් කාලය පැමිණ තිබෙන බවයි.
