ඊශ්‍රායලයට ඉරානය එල්ල කළ ප්‍රහාරය විශාල අත්වැරැද්දක් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමට සහාය දක්වන ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරයෙන් ඉරානය දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන බවට ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අනතුරු අඟවා තිබේ.
මේ අතර ඉරාන මාණ්ඩලික ප්‍රධානියා අනතුරු අඟවා ඇත්තේ ප්‍රති ප්‍රහාරයක් දියත් කළහොත් ඊශ්‍රායලයේ සියලුම යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවයි.
එමෙන්ම ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල නොකළහොත් තම ප්‍රහාරය අවසන් කරන බවද ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
එසේ නොවන්නේ නම් ඊශ්‍රායල ප්‍රහාරයකට ඔවුන්ගේ ප්‍රතිචාරය වඩාත් ශක්තිමත් සහ ශක්තිමත් වනු ඇති බවට ඉරානය අනතුරු අඟවා තිබේ.