අගෝස්තු මාසය අවසන් වන විට රටේ දළ නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන හයක් දක්වා ඉහළ ගොස් තිබේ.
චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම්ද ඊට අයත්.
මීට අමතරව නිල සංචිත ඉහළ නැංවීම සඳහා මහ බැංකුව දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්රමාණයක් මිලදී ගෙන ඇත.
එමෙන්ම, ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කළේ මේ වසරේ මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 7 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.