කැපී පෙනෙන ජයග්‍රහණයක් සමඟින්, කමිඳු මෙන්ඩිස් පිට පිට ටෙස්ට් තරග අටකදී ලකුණු පනහකට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පළමු ක්‍රීඩකයා බවට පත් විය.
ඒ අනුව වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සැලකෙයි.
නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව තැබීය.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.
එහිදී නොදැවී ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා සිටියේය.
අද දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.