ජනාධිපතිවරයා විසින් 9 වැනි පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර විසුරුවා හැරීම හේතුවෙන් නවක මන්ත්‍රීවරුන් 85 දෙනෙකුට පමණ විශ්‍රාම වැටුප් අහිමි වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විශ්‍රාම වැටුපට සුදුසුකම් ලැබීමට නම් පාර්ලිමේන්තුවේ වසර 05ක කාලය සම්පූර්ණ කළ යුතුය.
9 වැනි පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණේ ලබන වසරේ අගෝස්තු 8 වැනිදාය,
විශ්‍රාම වැටුප් අහිමි වූ මන්ත්‍රීවරුන් 85 දෙනා අතරට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඇතුළත්.
1977 අංක 01 දරන මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවේ.
වසර 05 සම්පූර්ණ කරන මන්ත්‍රීවරයෙකුට මන්ත්‍රීවරයාගේ වැටුපෙන් තුනෙන් එකක් එනම් රුපියල් 21,000කට ආසන්න විශ්‍රාම වැටුපක් හිමිවේ.
වසර 10 සම්පූර්ණ කරන මන්ත්‍රීවරයෙකුට හිමිවන්නේ මන්ත්‍රී වැටුපෙන් තුනෙන් දෙකක් පමණි.