නව ආණ්ඩුවේ අගමැතිණිය ලෙස හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.
ඇය ශ්‍රී ලංකාවේ තුන්වන අගමැතිනිය ලෙස ඉතිහාසයට එක්වනවා.
මිට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ අගමැතිණියන් ලෙස කටයුතු කර ඇත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා චන්ද්‍රිකා
බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියන්ය.
ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ජාතික ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසයි.. ඇය එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා..
යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය. සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීය කරණය සහ සංවර්ධනය ආදී විශය පථ ගණනාවක් ඇය අධ්‍යයනය කර තිබෙනවා…