By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඡන්ද දායකයින් ගෙන් පොලීසිය කළ ඉල්ලීම
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ඡන්ද දායකයින් ගෙන් පොලීසිය කළ ඉල්ලීම
දේශීය

ඡන්ද දායකයින් ගෙන් පොලීසිය කළ ඉල්ලීම

Last updated: September 19, 2024 11:43 am
2 Min Read
Share

ඡන්ද දායකයින් සිය ඡන්ද භාවිතා කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අවස්ථාවේදී රැගෙන නොයා යුතු දේවල් පිළිබඳව පොලීසිය විසින් දැනුම්වත් කිරීමක් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (19) “දෙරණ අරුණ” වැඩසටහන් සමඟ එක්වෙමින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා,

තමන්ගේ ඡන්ද ප්‍රකාශ කරන්න එන විට පුරවැසියාටත් වගකීමක් තියෙනවා යම්කිසි ආකාරයකට සිහිබුද්ධියෙන් එන්නට. අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා උදෑසන වන විටත් මත්පැන් පානයකරලා තමගේ ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වෙන්න බැරි ආකරයට, තමන්ට තීරණයක් ගන්න බැරි ආකාරයට, මධ්‍යසාර පාවිච්චි කරලා එන පිරිස් ඉන්නවා. ඒ අයට තමයි විශේෂයෙන් දැනුම්දුන්නේ. ඒ තමා කරන දේ පිළිබඳව අවබෝධයක් ඇතිව කටයුතු කරන්න එන්න ඕනේ.  ඒ වගේම ඒ ඡන්ද මධ්‍යස්ථානයට බාධාවක් නොවන ලෙස එන්නට ඕනේ. බීමත් ආකාරයට යම්කිසි පුද්ගලයෙක් ඒ ස්ථානයට එනවානම් පොලීසියට සිදුවෙනවා ඉවත් කරන්න.

ඒ වගේම සමහර පුද්ගලයෝ තියුණු ආයුධ, කුඩා පිහි කැබලි, නියන් වගේ දේවල් සමහරවිට ඔහු රැකියාවට යන අවස්ථාවේ වෙන්න පුළුවන් ඒවත් අරගෙන සමහර වෙලාවට ඡන්දය දාන්න එන අවස්ථා අපි අත්දැකලා තියෙනවා. ඒ නිසා එවැනි දේවල් කරන්න එපා. එවැනි දේවල් රැගෙන ආවොත් අපි ඡන්ද මධ්‍යස්ථානය ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා එවැනි දේවල් අපි පරික්ෂාකරනවා. එවැනි දේවල් රැගෙන එන්න එපා. ඒ වගේම ජංගම දුරකථන මොකද ඡන්ද ප්‍රකාශ කරන්න යන අවස්ථාවේ දුරකථනය නාද වෙන්න පුළුවන් එතකොට ඒ ඡන්ද මධ්‍යස්ථානයට බාධාවක්. ඒ වගේම වීඩියෝ කරන්න පුළුවන්, ඒ වගේම කටහඬ පටිගත කරන්න පුළුවන්. යම් ආකාරයට මේ සුළු සිදුවීමකින් එකම ඡන්ද මධ්‍යස්ථානයට බාධාවක් සිදුවෙනවානම්, සමස්තයට ඡන්දය ප්‍රකාශ කිරීමට එය බාධාවක් වෙන්න පුළුවන්.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalPolicePresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?