ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුලු ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් සදහා පුපුරණ ද්‍රව්‍ය අටවා ඇත්තේ මීට මාස කිහිපයකට පෙර බවට වාර්තා වී තිබෙනවා.
ලෙබනනයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක මූලාශ්‍රයක් සහ තවත් මූලාශ්‍ර කිහිපයකට අනුවයි විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත්තේ.
පිපිරීම්වලට සම්බන්ධ වගකිව යුත්තන්ට කඩිනමින් ප්‍රතිචාර දක්වන බව හිස්බුල්ලා සටන්කාමීන් ප්‍රකාශ කර තිබුණා.
ඔවුන් කියා සිටියේ සන්නිවේදන උපකරණ 5,000ක පමණ මෙලෙස පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කර තිබූ බවට හෙලි වූ බවයි.
ඊයේ සිදු වූ මෙම පිපිරීම්වලින් 09 දෙනෙකු මියගොස් 3,000ක් පමණ තුවාල ලැබුවා.
මෙම සිද්ධිය පිටුපස ඊශ්‍රායලය සහ ඇමරිකාව සිටින බවට හිස්බුල්ලා සංවිධානය චෝදනා කළත් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි ඇමරිකාව ප්‍රකාශ කර ඇත්තේ.
ඊශ්‍රායල බලධාරීන්ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමද ප්‍රතික්ෂේප කර තිබෙනවා.