ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අද යි.
එහිදී ශ්රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවා වූ කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
සිය 7වන ටෙස්ට් ක්රිකට් තරගයව ක්රීඩා කරන කමිඳු අද රැස්කළේ ඔහුගේ සිව් වන ටෙස්ට් ශතකය යි.
කමිඳු මෙන්ඩිස් මෙම තරඟයේදී ලෝක ටෙස්ට් ක්රිකට් වාර්තාවක් සම කිරීමටද සමත්වී තිබේ.
කමිඳු එලෙස සමකර ඇත්තේ පිතිකරුවෙකු විසින් පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ 50කට වැඩියෙන් රැස් කරමින් පාකිස්තාන ක්රීඩකයෙකු විසින් තබා තිබූ ලෝක වර්තාවය.
පාකිස්තාන කණ්ඩායමේ ක්රිඩකයෙකු වන සවුද් ෂකීල් සිය පළමු ටෙස්ට් තරග හතේදීම ඉනිමකදී හෝ ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කිරීමට සමත් වී තිබුණි.