By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්‍ෂ තුනහමාරට වැඩියෙන් දිනනවා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්‍ෂ තුනහමාරට වැඩියෙන් දිනනවා
දේශපාලන

රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්‍ෂ තුනහමාරට වැඩියෙන් දිනනවා

Last updated: September 18, 2024 2:13 pm
2 Min Read
Share

පුළුවන් ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිමාලාවේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටියේදී පැවැත්වුණි.

මෙම රැලිය සංවිධානය කර තිබුණේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් විසිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේ පැවසීය.

දේශපාලන අත්දැකීම්,ජාත්‍යන්තර සබඳතා සැසඳීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සම කළ හැකි අයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයන් 39 දෙනා අතරම නැහැ. ජනාධිපතිතුමනි ඔබතුමාගේ ජයග්‍රහණය රටේ අනාගතය තීන්දු කරන තීරණාත්මක සාධකයක් වනවා නිසකයි. අනාගතයේ රට ගොඩගත හැකි නායකයා ඔබතුමායි.

ඒ විශ්වාසය අපිට තියෙනවා. රට වැටුණ වෙලාවෙ පොහොට්ටුවෙ අපි කල්පනා කලා මේ රට බාරගන්න සුදුසු කවුද කියලා. ඒ අනුව අපි තීරණය කලා මේ රට බාරගන්න සුදුසුම නායකයා ඔබතුමා කියලා.

කඩවත රැස්වීමේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියල ඔබට ආරාධනා කලේ ඒ නිසයි. ඔබතුමා ඒ ආරාධනය පිලිගත්තා. තමන්ගෙ පක්ෂය අතෑරලා අපි හැමෝටම එකතු වෙන්න පුළුවන් දේශපාලන වේදිකාවක් හදන්න අකටයුතු කිරීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.

මම හැමදාම දේශපාලනය කලේ පියාගේ ප්‍රතිපත්ති එක්කයි. හැමදාමත් මම පක්ෂයට වඩා රට ගැන හිතපු කෙනෙක්. ඒ නිසා තමයි ඔබතුමා ජයග්‍රහණය කරවන්න අපි පෙරමුණ ගත්තේ.

පහුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගම්පහ දිස්ත්‍රීක්කයේ වැඩි ඡන්ද ලක්ෂ තුන හමාරකින් ජයගත්තා. අපි මේ පාර ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ඔබතුමාව ඊටත් වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරවනවා.

ඔබට දේශපාලනයේ විශාල අත්දැකීම් තියෙනවා. ජාත්‍යන්තර සම්බන්ධතා අතිවිශාලයි. ඒ නිසා ඔබට සම කළ හැකි අපේක්ෂකයෙක් මේ අපේක්ෂකයන් 39 දෙනා අතරම නෑ. මේ ජනාධිපතිවරණයෙන් ඔබතුමා ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය රටේ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකයක්. රට ගොඩගැනීමේ ඔබතුමාගේ වැඩපිලිවෙල වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට ගම්පහ අපි ඕනෑම මොහොතක සූදානම්. ඔබතුමාගේ ජයග්‍රහණයේ ගෞරවය මේ රැස්වීම් භූමියේ සිටින සියලුම දෙනාට උරුමයි.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?