By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අත්හදා බලන්න කාලයක් නෑ – මෙවර තීරණය වැරදුණොත් රට ඉවරයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > අත්හදා බලන්න කාලයක් නෑ – මෙවර තීරණය වැරදුණොත් රට ඉවරයි
දේශපාලන

අත්හදා බලන්න කාලයක් නෑ – මෙවර තීරණය වැරදුණොත් රට ඉවරයි

Last updated: September 16, 2024 1:47 pm
2 Min Read
Share

නෙළුම් කුළුණ කේන්ද්‍ර කොට ගෙන මේ රටේ තාක්ෂණ ගම්මාන ගණනාවක් ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ තරුණ පරපුර තාක්ෂණයත් සමඟ ඉදිරියට ගමන් කළ යුතුයි. එමඟින් මේ රටේ දරුවන් වෙනුවෙන් රැකී රක්ෂා උත්පාදනය කරන වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා.

මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක නාමල් රජපක්ෂ මහතා එසේ පැවසුවේ ඉකුත් 11 දින සවස ජා ඇළ මැතිවරණ කොට්ඨාසයේ කඳාන ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

මේ රටේ ආණ්ඩු වෙනස් වන විට සිදු වන හොඳ නරක සියලු ප්‍රතිපත්ති වෙනස්වීමේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි. මොන ආණ්ඩුව බලයට පත්ව ආවත් රටේ, ඒ වගේම පොදු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක වන රටට යහපතක් වන සංවර්ධන කටයුතු ඉදිරියටම කරගෙන යා යුතු වෙනව‍ා.

පසුගිය කාලයේ පෝට් සිටි එකට විපක්ෂ දේශපාලනඥයන් පළු යන්න බැන්නා. සමහරු චෝදනා කළා කළු සල්ලි සුදු කරන්න පෝට් සිටි එක හැදුවා කියල. නමුත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා සිටින ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පෙන්වා දී තියෙන්නේ ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ගොඩනැඟීමට ප්‍රධාන කේන්ද්‍රස්ථානය පෝට් සිටි බව.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ රට ගොඩනඟන දේශපාලන බලවේගයක්. මේ රටේ සංවර්ධන ඉතිහාසයේ වැඩිම සංවර්ධන කටයුත්තක් කළ දේශපාලන බලවේගය තමයි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන බලවේගය. රටේ අනාගත පරපුර වෙනුවෙන් සිතා සංවර්ධන ව්‍යාපෘති වැඩියෙන්ම ක්‍රියාත්මක කළේ පොදු ජන පෙරමුණ ආණ්ඩුවයි. අපි විශ්වාස කරනවා දේශීය ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකින් දිරිමත් කරලා ආරක්ෂා කරලා මේ රටේ ආරථිකයට එමඟින් විශාල ශක්තියක් ලබා දිය හැකි බව. ඒවගේම මේ රටේ සියලු ආගමිකයන්ට, ජාතිකයන්ට නිදහසේ ජීවත්වීමට පරිසරය අප නිර්මාණය කරනවා. අද පොදු ජන පෙරමුණ නැවුම් පොහොට්ටුවක් පිපෙන ආකාරයෙන් තරුණ ජවයත් සමඟ නැඟී සිටිනවා. ජාතික ජන බලවේගය එදා පැවසුවේ මැතිවරණ කාලයේ කටවුට් එපා කියලා. නමුත් අද රටේ වැඩියෙන්ම කටවුට් පෝස්ටර් ගහලා තියෙන්නේ ජාතික ජනබලවේගය විසින් බව ජනතාවටම බලා ගන්න පුළුවන්. රතු මල්ලිලා කියන්නේ එකක්, කරන්නේ තව එකක්. මෙවර ජනපති මැතිවරණය තීරණාත්මක එකක්. අපේ රට අද පත්වෙලා තියෙන තත්ත්වය අනුව අත්හදාබැලීම් කරන කාලයක් නොවෙයි මේක. ජනතාව මෙවර වැරදී තීරණයක් ගත්තොත් රටත් ඉවරයි. රටේ අනාගත පරම්පරාවත් ඉවරයි

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:Namal RajapakshaPoliticalPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?