By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කමලාගේ හිනාව ළඟ පුටින්ගේ හිත නවතියි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > කමලාගේ හිනාව ළඟ පුටින්ගේ හිත නවතියි
විදේශීය

කමලාගේ හිනාව ළඟ පුටින්ගේ හිත නවතියි

Last updated: September 6, 2024 4:34 pm
2 Min Read
Share

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හිනාවට තමන් කැමැති බවත්, ඇය ජනාධිපති සටන ජය ගනීවි යැයි තමන් විශ්වාස කරන බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්ට තමන් ගරු කරන බවත්, ඇය ගැන තමාගේ පැහැදීමක් ඇති බවත් රුසියන් ජනාධිපතිවරයා පවසා ඇත. රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවේ ව්ලැඩිවොස්ටොක් නුවර පැවැත්වෙන නැගෙනහිර රටවල ආර්ථික සමුළුවට එක් වී සිටිද්දී, ඇමෙරිකාවේ ‘ආර්.ටී’ හෙවත් ‘රුසියා ටුඩේ’ පුවත් නාළිකාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

‘මා කමලා හැරිස්ට කැමතියි. ඇය මහ හඬින් කට පුරා හිනාවනවා. ඒකට මා කැමතියි. ඇය ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීමට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කිරීම නුවණැති ක්‍රියාවක්. මට විශ්වාසයි කමලා හැරිස්ට දිනන්න පුළුවන්’ යැයි ජනාධිපති පුටින් මාධ්‍යවේදීන් හමුවේ, පැහැදි කර ඇත.

‘ආර්.ටී’ යනු ඇමෙරිකාව කේන්ද්‍රකොට ගනිමින් විකාශය සිදුවන රුසියන් රජයේ අනුග්‍රහය ලබන පුවත් නාළිකාවකි. රුසියන් ජනාධිපති ඇමෙරිකන් ජනාධිපතිවරණයට මැදිහත් වීමට උත්සාහ ගන්නා බවත්, ඇමෙරිකන් ජනාධිපතිවරණය සම්බන්ධ ඔහුගේ මතය ‘ආර්.ටී’ පුවත් නාළිකාව හරහා ඇමෙරිකන් ජනතාවට ගෙන යන බවටත් ඇමෙරිකන් ජාතික ආරක්ෂක කවුන්සිලය චෝදනා කර ඇත.

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරන්නේ ඇමෙරිකානුවන් මිසක් රුසියන් ජනාධිපතිවරයා නොවෙයි. රුසියන් ජනාධිපතිවරයාගේ මතය ඇමෙරිකානුවන්ට එපා. අප රුසියන් ජනාධිපති පුටින්ගෙන් ඉල්ලීමක් කරනවා, ඇමෙරිකන් ජනාධිපතිවරණය ගැනත්, ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැනත් ප්‍රසිද්ධියේ අදහස් පළ කරන්න එපා යැයි ඇමෙරිකන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බී අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

More Read

ස්වීඩනයේ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මරුට
WHO වෙතින් අමෙරිකාව ඉවත් කිරීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට
පළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි
TAGGED:ForeignKamala HarrisUSAVladimir Putin
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?