බංග්ලාදේශ අවාමි ලීගයේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී තිබේ.
බංග්ලාදේශ රජයට එරෙහිව අගෝස්තු 7 වැනිදා පැවති විරෝධතාව අතරතුර රූබල් ඉස්ලාම් නම් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම එම චෝදනාවයි.
එම තරුණයා ඝාතනය කළැයි චෝදනා එල්ලවන පුද්ගල ලැයිස්තුවේ ශකීබ්ගේ නම ද ඇතුළත් ය.