මෙරට ආර්ථිකය මුහුණදුන් අභියෝගාත්මක කාලවලදී මහා බැංකු අධිපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මගින් මහබැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාව අනුව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට පත්ව තිබෙනවා.
2024 වසර සඳහා ‘A ශ්‍රේණියේ’ ගෞරවයට පාත්‍ර වුණු ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ක්ෂේත්රයන් තුළ එතුමාගේ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කොට තිබෙනවා.
මෙහිදී ලොව පුරා සිටින මහ බැංකුව අධිපතිවරුන් වෙත වාර්ෂිකව පිරිනමනු ලබන සම්මානයට පාත්‍ර වීමට, කාර්ය සාධනය සහ ආර්ථික ස්ථායිතාව සඳහා ඔහු දැක්වූ කැපවීම හේතු වූ බව සඳහන් වුණා.