සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කාලයක් තිස්සේ පැවති වෘත්තීය ගැටලුවක් විසඳීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී නව සේවා නිලධාරීන් ලෙස අන්තර් ග්‍රහණය වූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 3027 දෙනකුට බලපෑ ගැටලුවකට මෙලෙස විසැඳුම් ලබා දී තිබේ.
මෙම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 3027 දෙනාට මුල් සේවා නිලධාරීන් ලෙස සැලකීමට නැවත අවස්ථාවක් ලබා දීම යන වෘත්තීය විසඳුම ලබා දුන් බවත් එමගින් ඔවුන්ගේ මූලික වැටුප වැඩිවන බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදී තිබූ මෙම ගැටළුකාරී තත්වය කඩිනමින් විසදීම සදහා මුදල් අමාත්‍යංශයේ එකඟතාවය පළවීම සාධනීය තත්ත්වයක් බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.