ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට ශ්‍රී ලංකාවෙහි ණය ප්රතිව්යුහගතකරණයෙහි යම්කිසි ස්ථාවර භාවයකට පැමිණ තිබෙනවා.
මූල්‍ය අරමුදල මගින් මේ වන විට නිකුත් කර ඇති වාරික ප්‍රමාණය වාරික තුනකි.
තවත් ණය වාරිකයක් අනුමත වී මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි. ණය තිරසරභාවය රටින් රටට වෙනස් වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අදාළ රටවලට කොපමණ ණය මුදලක් ලබා දෙන්නේ ද යන්න තීරණය කරනු ලබන්නේ තාක්ෂණික කමිටුවක් මගිනි.
ඒ සඳහා රටවල් කිහිපයකම නියෝජිතයින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් සහභාගි වෙනවා.
මේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබූ මහ බැංකු නියෝජිතයින් මෙන්ම දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් නියෝජිතයින් ද සම්බන්ද වී තිබෙනවා.
හුදෙක් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යම්කිසි දේශපාලන පක්ෂයක් සමඟ සිදුකරනු ලබන ක්‍රියාවලියක් නොව පවතින රජය සමඟ සිදු කරනු ලබන ක්‍රියාවලියකි. මෙලෙස ණය ලබා දීමේදී අනුගමනය කරනු ලබන ක්‍රම කිහිපයක් ඇති අතර එය තීරණය කරනු ලබන්නේ තාක්ෂණික කමිටුව මගිනි. කොපමණ ප්‍රමාණයක් ණය ලබාදෙන්නේ ද කොපමණ කාලයකින් මෙම ණය නැවත ගෙවිය යුතු ද යන්න තීරනය කරනු ලබන්නේ ද මෙම තාක්ශනික මණ්ඩලය මගිනි.
ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ ඉතා සාර්ථක අන්දමින් පවතින රජය විසින් සිදුකරගෙන යනු ලබන බව අයිඑම්එෆ් සංවිධානයේ නිර්දේශයන්හි සඳහන් වෙනවා.
එහි විධායක මණ්ඩලයෙහි තක්සේරුව අනුව ප්‍රතිව්‍යුහගත කමිටුව මගින් පහත කරුණු
පිළිබඳව අවධානය ලක් කොට තිබුණි.
1.ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම.
2.උද්ධමනය අඩු වීම
3.රාජ්‍ය ආදායම ඉහළ යාම
4.සංචිත වල වර්ධනය
මෙවැනි වාතාවරණයක් තුල පවතින රජයෙහි යම්කිසි වෙනස්කමක් සිදු වුවහොත් මේ ලබාගත් ප්‍රගතියට බාධාවක් වේද යන්න පිළිබඳව සලකා බැලිය යුතු වෙනවා.
ආණ්ඩු මාරුවන් තුළදී සිදුවනු ලබන යම් යම් ප්‍රතිපත්තිමය කරුණු නිසා අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය ට එය අහිතකර ආකාරයට බලපෑම් විය හැකියි . එවකට 2022 දී ආරම්භ වුණු ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය පිළිබඳ ව සාකච්ඡා වසරක් පුරා ඇදී ගියා. නව ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම මෙම සාකච්ඡා නැවත සිදු කිරීම නොවැළැක්විය හැකිය.
එමගින් රටට අත්වන්නේ ආර්ථික අස්ථායිතාවයකි. මෙරටට දැනටම සිදු කරනු ලබන ආයෝජන නතරවීම නොවැළැක්විය හැකි කරුණකි. දැනට තිබෙන විදෙස් සංචිත ප්‍රමාණවත් නොවන නිසා නැවත වරක් අවශ්‍යතාවයන් වශයෙන් හඳුනා ගැනෙන ආහාර, බෙහෙත් හේත්, තෙල් ,ගෑස් , විදුලි බලය හිඟයකින් තොරව ලබාදීම අනිවාර්යයෙන් ගැටළුවක් වෙනවා. රට තුළ නැවත වරක් අස්ථාවර බවක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වීම වැළැක්විය නොහැකියි.
මෙතෙක් සිදු කරනු ලැබූ ආර්ථික ප්‍රතිසංස්කරණය හේතුවෙන් සාමාන්‍ය ජනතාවට යම් යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවුණු බව සත්‍යයක්. ආර්ථිකයේ යම්කිසි ස්ථාවර භාවයක් ඇතිවී තිබෙන නිසා ඉදිරියේදී යම් යම් සහන මහජනතාව වෙත ලැබේ යැයි අපට බලාපොරොත්තු තබාගත හැකියි.
රට අර්බුදයට යාමට පෙර රාජ්‍ය සේවක වැටුප් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා යටතේ 2016 දී රුපියල් දහදහක මුදලක් වැඩි කරනු ලැබීය. එතැනින් පසු නැවත රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක් වන්නේ 2024 අප්‍රේල් මස තුළයි.ආර්ථික අර්බුදයක් තුළ වුවත් වැටුප් වැඩි කිරීම සඳහා අයි.එම්.එෆ් වැඩපිළිවෙල ප්‍රධාන හේතුවක් විය.
මේ වන විට යෝජනා කර රුපියල් 25000 ක ජීවන වියදම කළමනාකරණය කර ගැනීමේ දීමනාව රාජ්‍ය සේවකයන්ට ලබාගත හැකි වන්නේ IMF වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක වුවහොත් පමණි.
බංකොලොත්භාවයේ ලේබලය ඇලවී තිබූ ශ්‍රී ලංකාව මේ වන විට එයින් ඉවත්ව ඇති වාතාවරණයක ආයෝජකයන් රැසක් මෙරට ව්‍යාපෘතීන්හි ආයෝජනය කිරීමට එකඟතාවය පළ කොට ඇත . යම් ආණ්ඩු මාරුවක් ඇතිවුවහොත් ඉදිරියට ක්‍රියාත්මක වීම අඩපණ වන IMF වැඩපිළිවෙළ හේතුවෙන් සියලුම ආයෝජනයන් නතර වීමේ දැඩි අවදානමක් පවතී.
මෙම කරුණු වලින් පැහැදිලි වන්නේ රටෙහි පවතින ආණ්ඩුව යම්කිසි හෙයකින් වෙනස් වුවහොත් යම් ආර්ථික ප්‍රගතියක් අත් කරගෙන ඇති වාතාවරණය මුළුමනින්ම වියවුලට පත්වන බවයි. රටෙහි සියලුම ක්ෂේත්රයන්ගේ කඩා වැටීමක් මෙමගින් බලාපොරොත්තු විය හැක.
එසේ වුවහොත් ඒ සම්බන්ධ වගකීම පවතින ආණ්ඩුවට විරුද්ධව භාවිතා කරන සියලු දෙනාට ම එල්ල වේ. තමන්ගේ දේශපාලන මතය කුමක් වුවත් ඒ සියල්ලටම වඩා මේ කෙටි කාලය තුළ රට ලබාගත් ප්‍රගතිය පිළිබඳව සිතා බලා ඡන්දය පාවිච්චි කිරීම කාලෝචිත ක්‍රියාවකි. එසේ නොමැති වුවහොත් එයින් සිදුවන අති මහත් විනාශය මුළු ජාතියටම වසර ගණනාවක් යනතුරු මකා දැමිය නොහැකිවනු ඇත.