රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා පවසනවා.
මෙතෙක් පොහොර සමාගම් දෙකක් වශයෙන් වශයෙන් පැවැති එම සමාගම් දෙක 2024 වසරේ සිට රාජ්‍ය පොහොර සමාගම State Fertilizer Company නමින් ඒකාබද්ධ කරනු ලැබීය.
සභාපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවැති රාජ්‍ය පොහොර සමාගමේ ඉදිරි කටයුතු හා මෙවර යල කන්නයේ මෙන්ම ඉදිරි මහ කන්නයේ දී පොහොර සැපයීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක්දි.
එහිදී අදහස් පළ කළ සභාපතිවරයා පැවසුවේ ඒකාබද්ධ කරන ලද මෙම පොහොර සමාගම් දෙක මගින් පසුගිය වසරේ දී රුපියල් මිලියන 433ක ලාභයක් උපයා ඇති බවය.
ඒ අනුව ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 141ක් හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම රුපියල් මිලියන 292ක වශයෙන් ලාභ උපයා තිබෙන බව ජගත් පෙරේරා වැඩිදුරටත් කියා සිටියා.