ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීමේ අරමුණ සහිත මංගල ජනරැලිය අද (17) ඵෙතිහාසික අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේ දී පැවැත්වේ.
මේ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමගි ජන බලවේගයෙන් පැමිණි පිරිස් සමඟ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන දේශපාලන පක්ෂ හතලිහක් පමණ නියෝජිතයන් සහ එම සියලු නායකයන්ද එක්ව සිටී.
එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා
කන්න නැතුව ඉන්නකොට තෙල් පෝලිමේ මිනිස්සු මැරෙනකොට හිටපු නැති නායකයන් අද කයිවාරු ගහනවා.
මේ රට කරන්න පුළුවන් මිනිසුන් සිටින එකම වේදිකාව රනිල් වික්‍රමසිංහගේ වේදිකාව විතරයි. රට වැටෙද්දි එක මිනිහෙක් කොන්ද කෙලින් තබාගෙන ආවේ නැහැ.
ලංකාවේ දැන් නම් සුපර්මෑන්ලා බැට් මෑන් ලා බිහිවෙලා සිටිනවා. නමුත් ඇත්ත සුපර්මෑන් රනිල් වික්‍රමසිංහ බව ජනතාව තේරුම් ගෙන තිබෙනවා.
අපේ ජාතික කොඩියේ තිබෙන සියලු වර්ණ ඒකරාශී කරගත් එකම නායකයා රනිල් වික්රමසිංහයි. ගෑස් සිලින්ඩරය දුටු විට පෝලිමේ සිටි යුගය ජනතාවට මතක් විය යුතුයි.
ජනතාව ලබන සැප්තැම්බර් 21 වැනිදා අනිවාර්යෙන්ම ඊට කෘතගුණ දක්වනවා. ඒ ගැන සැකයක් නැහැ.