ජනාධිපතිවරණය සඳහා ජන්ද විමසීමට දින වකවානු පවා වෙන් කර ඇති වට පිටාවක හිරු මාධ්‍ය ආයතනය මැතිවරණ නීති නොතකමින් දිගින් දිගටම කටයුතු කිරීම පිළිබඳව මැතිවරණ කොමිසම මඟින් අද දින දැඩි ලෙස අවවාද කරමින් ලිපියක් නිකුත් කර ඇත.
අදාළ මාධ්‍ය ආයතනය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට මැතිවරණ කොමිසමට නොකඩවා ලැබුණු පැමිණිලි හේතුවෙන් එම අවවාද කිරීම කර ඇත.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවකදී අංක 2394/57 දරන ගැසට් පත්‍රයේ සඳහන් මාධ්‍ය උපමානවලට පටහැනිව වැඩසටහන් විකාශය කරන බවට හිරු මාධ්‍ය නාලිකාවට එරෙහිව පැමිණිලි රාශියක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බව සඳහන් වේ.
එහිදී පැමිණිලි වශයෙන්,
1.2024/08/06,07,08 යන දිනයන්හිදී පත්තරේ විස්තරේ වැඩසටහනේදී අපහාසාත්මක අදහස් ප්‍රකාශ කිරීම
- අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සඳහන් කරමින් මාධ්‍ය සදාචාරයට උචිත නොවන පරිදි හා දැඩි පක්ෂපාතිත්වයකින් එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම
- නාලිකාවට රිසි පක්ෂ ප්‍රවර්ධනය කිරීම හා අනෙකුත් පක්ෂයන්ට අපහාස කිරීමට පොදු සංඛ්‍යාත හා පොදු ගුවන් කාලයක් භාවිතා කිරීම
ආදිය වේ.
අංක 2394/57 දරන ගැසට් පත්‍රයේ සඳහන් මාධ්‍ය උපමානවලට අනුකුලව කටයුතු කරන ලෙසත් නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා සහාය පතන බවත් එම ලිපියෙහි තවදුරටත් සඳහන් විය.

