සුරාබදු දෙපාර්තමේන්තුව මෙම වසරේ මුල් මාස 7 තුළ දී රුපියල් බිලියන 122ක ආදායමක් උපයා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි පවසනවා.
ඊයේ (13) කොළඹ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ.
බලපත්ර නිකුත් කිරීමෙන් පමණක් රුපියල් මිලියන 1,500කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බවයි ඔහු පවසන්නේ.