පසුගියදා අමාත්‍ය මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු මහතා විසින් සමගි ජන බලවේගය සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය නීති විරෝධී බව හා එම තීරණය බල රහිත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලමින් ගොනු කළ පෙත්සමට අවසන් තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබා දී ඇත.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය අද (2024/08/09) සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල නිවැරදි තීරණයක් බවට ප්‍රකාශයට පත් කොට ඇත.
ඒ අනුව විනිසුරු මඩුල්ල පවසා සිටියේ පෙත්සම් මගින් ඉල්ලා සිටි ඉල්ලීම් ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි.