ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල නොකර ඇමැති ධුරයේ සිටින පිරිස් ඉදිරියේදී එයින් ඉවත් විමට කටයුතු කරවි යැයි තමා විශ්වාස කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ බොහෝ විට ආණ්ඩුවේ ඇමැති ධුරවලින් කටයුතු කරන පිරිස් ලබන 15 වනදාට ජනාධිපතිවරයාට සහාය පල කරනු ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දෙන්න තීරණය කළේ මීට වසර දෙකකට කලින් බව ඔහු කියා සිටියා.
නමුත් මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය අනුව පක්ෂයේ පිරිස් පක්ෂයෙන් ඉවත් වී යාමක් දකින්ට ලැබෙන බව ඔහු අවධාරණය කළා.
කෙසේ වෙතත් ඉදිරියේදී තවත් අය ජනාධිපතිවරයාට සහාය ලබා දීමට පැමිණිමට ඉඩ ඇති අතර බොහෝ විට පොදු ජන පෙරමුණේ ඉතුරු විය හැකි වන්නේ පක්ෂයේ ලේකම්වරයා පමණක් බව ඔහු අනාවරණ කර සිටියා.
එසේම ධම්මික පෙරේරාට පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන බව දැනගන්න ලැබු නමුත් ඔහුට තියෙන සුදුසුකම කුමක්දැයි කියා මෙහිදී කංචන විජේසේකර ප්‍රශ්ණ කර සිටියා.