එතෙර අපි කුවේට් ශාඛාව සංවිධානය විසින් කුවේටයේදී පවත්වන්නට ගිය සංගීත ප්‍රසංගය අත්හිටුවමින්, එහි සංවිධායක ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරන කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටින්නේ, හැකි ඉක්මනින් ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවධානය යොමු කළ බවත් ඒ සඳහා මෙරට තානාධිපති කාර්යාලය සමඟ සම්බන්ධ වී අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත්ය.
එතෙර අපි “සංවිධානය ජනතා විමුක්ති පෙරමුණේ සහාය කණ්ඩායමක් ලෙස මෙම ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබිණි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්ද්‍ර චාප ලියනගේ, සමනලී ෆොන්සේකා, උපේකා නිර්මාණී, තිලෝමා අමලංග, චන්ද්‍රරත්න සිල්වා යන අයද සිටි.