විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මුදල් වැය කිරීමට ව්‍යාපාරිකයන් අකමැති වීම නිසා සජබ ප්රචාරක ජාලය බිඳ වැටීමට ලක්ව තිබේ.
සජිත් ප්‍රේමදාස වැනි දැක්මක් හෝ වැඩපිළිවෙළක් නැති නායකයෙක් බලයට පත් වුවහොත් ව්‍යාපාර වලට අත්විය හැකි ඉරණම පිළිබඳව බියට පත්ව ඇති ව්‍යාපාරිකයන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.
සජිත් ප්‍රේමදාස ප්‍රවර්ධනය කිරීම සඳහා අද(2) ජාතික පුවත්පත් කිපයකටම සම්පූර්ණ පිටුවක දැන්වීමක් සඳහා ඉඩ වෙන් කර තිබුනද ඒ සඳහා මුදල් ගෙවීමට නොහැකි වීමෙන් එම දැන්වීම පළ නොකර සිටීමට පුවත්පත් ආයතන කටයුතු කර තිබිණි.
කෙසේ වෙතත් ව්‍යාපාරිකයන්ගේ මෙම තීරණයත් සමඟ ෆෙස්බුක් ප්‍රවර්ධන කටයුතු ඇතුළු සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිරූපය ගොඩ නඟන ව්‍යාපාර වෙනුවෙන් දස අතේ මුදල් සිඟා කන්නට සිදුව තිබේ.
ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු විසින් මේ වන විට ව්‍යාපාරිකයන් මුණ ගැසෙමින් රුපියල් බිලියන 8 ක මුදලක් සොයා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලමින් සිටින බව වාර්තාවේ