මැද පෙරදිග කාලපයේ ගැටුම්කාරී තත්වයක් ඇති වුවහොත් බලශක්ති අර්බුදයට මුහුණ දීමට සහ එහි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ජාත්‍යන්තර වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් පාලනය කළ නොහැකි වුවත් එය හේතුවක් කරගෙන රටක් කඩාවැටෙන තෙක් බලා සිටිය යුතු නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා මතු විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව පෙන්වා දුන්නා.