මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව අද (31)මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ යැයි සිතා ඉන්ධන පිරුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් රට පුරා ඉන්ධන හිඟයක් වාර්තා වී ඇති බවට පැතිර යන කතා අසත්‍යයක් බව හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශකර සිටියා.
ඔහු සඳහන්කර සිටියේ මේ වනවිට කිසිදු ප්‍රදේශයක ඉන්ධන හිඟයක් නොමැති බවයි.
එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ මාසිකව සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොවන බවටද පැතිර යන කතාවන් අසත්‍ය බව ප්‍රකාශ කළ ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සුපුරුදු පරිදි අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුවන බවයි.