හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු සහ ඔහුගේ ආරක්ෂකයෙකු රැඳී සිටි ගොඩනැගිල්ලට පහර දීමෙන් මෙසේ ඔහු මිය ගිය බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම ඝාතනයේ වගකීම කිසිවකු භාර නොගත් නමුත් එහි සැකය ඊශ්‍රායලය වෙත එල්ලවන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.