By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මැතිවරණයට වෙනම පොලීසියක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > මැතිවරණයට වෙනම පොලීසියක්
දේශීය

මැතිවරණයට වෙනම පොලීසියක්

Last updated: July 26, 2024 6:52 am
1 Min Read
Share

මැතිවරණයට අදාළ ආරක්ෂක කටයුතු සහ පොලිසියේ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාව පත් කර තිබෙන බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද කටයුතු කිරීමේ පොලිස් බලධාරියා ලෙස පත් කර ඇත්තේ ද අසංක කරවිට මහතාය.

අමෙරිකාවේ ජනපති අපේක්ෂක ඩොනල් ට්‍රම්ප් මහතාව ඉලක්ක කරගෙන එල්ල වුණු ප්‍රහාරයත් සමඟ ඉදිරි මෙරට ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය. ඒ අනුව ගත් කැබිනට් මණ්ඩල තීරණයකට අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනු ලබන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිසිය විශේෂයෙන් කටයුතු කරනු ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාව එම කටයුතු මෙන්ම මැතිවරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ක්‍රියා කිරීමට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීමට මෙහෙයුම් මධ්‍යස්ථානයක් ද මැතිවරණයට අදාළ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ද වශයෙන් මෙහෙයුම් මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට නියමිතව ඇති බව ද පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය මහජන ආරක්ෂක අමාත්‍යාංශය පිහිටි සුහුරුපාය ගොඩනැඟිල්ලෙහි ස්ථාපිත කිරීමටත් මැතිවරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ මෙහෙයුම් මැදිරිය සුපුරුදු ලෙස පොලිස් මූලස්ථානයේත් ස්ථාපිත කිරීමට ඒ අනුව කටයුතු කෙරෙමින් පවතින බව ද පොලිස් මූලස්ථාන තොරතුරු වැඩිදුරටත් සඳහන් කළේය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalPolicePresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?