ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිසම පවසනවා.
ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට අදාළව මූලික සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බවත් කොමිසම කියා සිටියා.
ඒ අනුව නිසැකවම ලබන සතියේ ජනාධිපතිවරණ දිනය රටට දැනගත හැකි වනු ඇති බවද කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් සභාපතිවරයා මීට පෙර සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය 26 සිකුරාදා දිනට පෙර ප්‍රකාශයට පත් කරන බවයි.