සමගි ජන බලවේගයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන්නේ නම් ඒ සරත් ෆොන්සේකා හා රාජිත සේනාරත්න පමණක් යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.
ඔවුන් සමගි ජන බලවේගයේ සිතුම් පැතුම් ඇති අය නොබව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඔවුන් දෙදෙනා දැන් බටයක් මැද සිරවී ඒ පැත්තට යනවාද මේ පැත්තට යනවා දැයි කියා සිතාගන්නට බැරිව සිටින බවද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.