පුද්ගලයන් 19 දෙනෙකු රැගත් නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් යානයක් කත්මණ්ඩු නුවරදී ගුවන්ගත වීමේදී කඩා වැටී තිබෙනවා.
මෙම අනතුරින් ගුවන් යානයේ නියමුවා දිවි ගලවා ගත් නමුත් යානයේ සිටි අනෙක් 18 දෙනා මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
අනතුරට ලක්වූ Pokhara බලා පියාසර කළ මෙම ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලය ඇතුළු 19 දෙනෙකු ගමන් කර තිබෙනවා.
නේපාලයේ කත්මණ්ඩුහි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදීයි මෙම යානය අනතුරට පත්ව ඇත්තේ.
යානය ගුවන්ගත වීමට පටන් ගැනීමත් සමඟ ධාවන පථයෙන් ලිස්සා යාමෙන් පසු යානය ගිනිගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
ගුවන් යානයෙන් හටගත් ගින්නක් මේ වනවිට මැඩපවත්වා ඇති අතර, පොලිසිය සහ ගිනි නිවන භටයන් අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් සිදු කරන බව වාර්තා වෙනවා.