ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඉදිරි දින දෙක තුළදි ප්‍රකාශයට පත් කිරිමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසනවා.
ඒ අනුව සිකුරාදා හෝ ඊට පෙර අදාළ දිනය ප්‍රකාශයට පත් කිරිමට කටයුතු කරණ බවයි සභාපතිවරයා කියා සිටින්නේ.
සැප්තැම්බර් 17 හා ඔක්තොම්බර් 16 අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත් විමට නියමිතව ඇති අතර ඉදිරි දින දෙක තුලදි ඡන්ද විමසිම්වලට අදාළ දැන්විම නිකුත් කිරිමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ප්‍රකාශයට පත් දිනයේ සිට දින 16 සිට 21 කාලයක් ඇතුළත නාම යොජනා භාර ගැනිම සිදුකළ යුතුය.
නාම යොජනා භාර ගන්නා දිනයේ සිට සති 4 සිට 6ක කාලයක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත් විමට නියමිතයි.