ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාලව තුන්වෙනි සමාලෝචනයට සූදානම් වන අවස්ථාවේ මෙරට දැනට ඇතිකරගෙන තිබෙන ආර්ථික ස්ථාවරත්වය හා ඉදිරි ආර්ථික ඉලක්කයන් ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරේ.
ඒ අනුව මෙම වසර අවසාන වන විට ආර්ථික වර්ධන වේගය 3.5 දක්වා පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය ක්රමෝපායන් හා ඉලක්ක ශක්තිමත් කර ගැනීම මෙහිදී අපේක්ෂිතය.
2022 ඍණ 7.8 දක්වා හැකිලුනු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2024 පළමු කාර්තුව වන විට 5.1 දක්වා වර්ධනය වූ බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහනය හා ප්‍රාථමික ගිණුමේ ධනාත්මක ශේෂයක් පවත්වා ගැනීමේ හැකියාව මත ප්රතිඵලදායී ආර්ථික කළමනාකරණයකට හා රටට ගැලපෙන ආර්ථික ක්‍රමවේදයන් සකස් කිරීමට මේ මගින් ඉඩ ලැබේ.