ලබන සඳුදා සිට සති දෙකක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසනවා.
සිය ගැටලුවලට විසඳුම් ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් සමග ඊයේ පැවැත්වූ සාකච්ඡා ද අසාර්ථක වූ බවයි ඔහු කියා සිටියේ.