විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ නව ක්‍රමවේදය අද (ජුලි 19) සිට ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පෙර අන්තර්ජාලය හරහා ලියාපදිංචි වන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද සිට සියලුම අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමට දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත යුතු බවද, කලින් වෙන් කර ඇති වේලාවක් සහ දිනයක් නොමැතිව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට කල්තියා ලියාපදිංචි නොවී ජනතාව පැමිණීම හේතුවෙන් අද දින තදබදයක් වාර්තා වීමත් සමඟ මෙම ඉල්ලීම සිදු කෙරේ.
මේ සතියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගේ පහසුව සඳහා විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ නව ක්‍රමවේදයක් දියත් කළේය.
විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන අයට https://www.immigration.gov.lk සබැඳිය හරහා පූර්ව ලියාපදිංචි වන ලෙස ඉල්ලා ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව, ලියාපදිංචියෙන් පසු, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව ප්‍රමුඛතා පදනම මත ලැබෙනු ඇති අතර, එය සාමාන්‍ය සහ එක්දින සේවා සඳහා ලබා ගත හැකිය.