නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් දිවයින පුරා පවතින සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල තද සුළං පැයට කිලෝමීටර 50-60 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද මෙවැනිම තත්ත්වයන් අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 30-40 දක්වා තරමක් තද සුළං අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට තරමක් තද වැසි ඇති විය හැකි අතර, මිලිමීටර් 50 දක්වා වර්ෂාපතනයක් ද ඇති විය හැක.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මෙම ප්‍රදේශවල සුළගේ වේගය බස්නාහිර සිට නිරිත දෙසින් වන අතර එය පැ.කි.මී.35-45 ත් අතර වේ.
කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-65 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එසේම ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරේ දක්වාත්, කොළඹ සහ ගාල්ල හරහා පුත්තලම සිට හම්බන්තොට දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී.50-55 දක්වා ඉහළ යා හැකියි.
කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.
මේ අතර ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ රළු වේ.
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.0-2.5 පමණ දක්වා ඉහළ යා හැක.
වෙරළබඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ට, ධීවර සහ නාවික ප්‍රජාවට අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසට උපදෙස් දෙන ලදී.