පාර්ලිමේන්තුවේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි ලෙස සම්මත වී නොමැති බැවින් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ නිසි ලෙස සම්මත වී නොමැති බවත්, එබැවින් එය නිසි පරිදි සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් පෙත්සමෙන් කරුණු දක්වන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.