විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලවල විධායක ශ්‍රේණිය අදාළ බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව අඛණ්ඩව ක්‍රියාත්මක වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ සිය ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමෙන් පසු වෘත්තීය සමිති වර්ජනය අවසන් කර තිබේ.
විශ්වවිද්‍යාල 17ක සහ ඒකාබද්ධ පශ්චාත් උපාධි ආයතන 19ක අනධ්‍යන සේවකයින් දින 70කට ආසන්න කාලයක් වැඩවර්ජනයක නිරතව සිටින්නේ රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්රය දැඩි ලෙස කඩාකප්පල් කරමිනි.
2017 වසරේ අනුමත වූ බව පවසන වැටුප් ගැටළු සහ දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.