ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට ද්විපාර්ශවික ණය හිමියන් සමග අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව අද (26) පැරිස් ඒකාබද්ධ ආධාර කණ්ඩායම් හමු වී අදාල ගිවිසුම්වල අත්සන් තැබීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන්, මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස දිවයිනෙන් නික්ම ගිය බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.