By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: හොල්මනට පණ ගෙනා අනියම් පෙම
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > හොල්මනට පණ ගෙනා අනියම් පෙම
දේශීය

හොල්මනට පණ ගෙනා අනියම් පෙම

Last updated: June 25, 2024 12:49 pm
2 Min Read
Share
wife-with-another-guy-caught-by-husband-sri-lanka

අනියම් පෙම්වතා සමග නවගමුව, රණාල ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එම තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගෙන පහරදීමට තැත් කිරීම නිසාවෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඔවුන්ට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසයි කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර අද (25) නියෝග කර ඇත්තේ.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ නවගමුව, රණාල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ත් 24ත් අතර තරුණයින් දොළොස් දෙනෙක්.

නවගමුව රණාල ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් පොසොන් පොහොය නිමිත්තෙන් හොල්මන් මන්දිරයක් ඉදිකර ඇති අතර, එය නැරඹීම සඳහා 21 හැවිරිදි තරුණියක් සහ ඇයගේ පෙම්වතා තවත් තරුණයන් පිරිසක් සමග පසුගිය 23 වැනිදා පැමිණ තිබෙනවා.

එහිදී පැමිණි පිරිස හොල්මන් මන්දිරය නරඹන අවස්ථාවේ දී එහි එහි මිනී පෙට්ටියක් මත වැතිර සිටි පුද්ගලයා මෙලෙස පැමිණි තරුණිය තම විවාහක බිරිඳ බවට හඳුනාගෙන තිබෙනවා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට

මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

එම අවස්ථාවේදී මිනී පෙට්ටියෙහි වැතිර සිටි පුද්ගලයා වහා නැගිට කාන්තාවගේ කෙස් වැටියෙන් අල්ලා පහර දීමට තැත් කිරීමත් සමගින් දෙපාර්ශ්වය අතර මෙම ගැටුම ආරම්භ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ තරුණිය සහ මෘත දේහය ලෙස පෙනී සිටි පුද්ගලයා විවාහ ගිවිසගෙන ඇති නමුත්, කළක සිට වෙන්ව ජීවත්වෙන බවත්, එසේ වුවද ඔවුන් මෙතෙක් නීත්‍යානුකූලව වෙන් වී නොමැති බවත් අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

එම කාන්තාවට පහරදීමට තැත් කිරීමත් සමග ඇය සමග සිටි අනෙක් තරුණ පිරිස හා හොල්මන් මන්දිරයේ චරිත නිරූපණය කරමින් සිටි පුද්ගලයින් අතර ගැටුමක් හට ගැනීම හේතුවෙන් හොල්මන් මන්දිරය සංවිධානය කළ පිරිස විසින් මේ බව වහා නවගමුව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම පහර දීමට සම්බන්ධ දෙපාර්ශවයේම පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව සිට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

TAGGED:LocalSocial
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?