විදේශයන්හි සේවය කරන ලාංකිකයන්ගේ ප්‍රේෂණ ආදායම ඉකුත් මැයි මාසයයේ වර්ධනයක් පෙන්නුම් කරනවා.
ඒ අනූව ඩොලර් මිලියන 544.4ක් මෙරටට යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම මුදල් ප්‍රමාණය අප්‍රේල් මාසයේ ලද ඩොලර් මිලියන 543.8 මෙන්ම ඉකුත් වසරේ මැයි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 479.7ක අගයද ඉක්මවා යාමක් බවයි පැවසෙන්නේ.
එමෙන්ම වසරේ ගත වූ මාස පහට ඇමරිකානු ඩොලර් මිලියන 2, 624.4 ක් ප්‍රේෂණ වශයෙන් ලැබී තිබෙනවා.
එය මීට වසරකට පෙර එම කාල සීමාව හා සැසැදීමේදී සියයට 11.8 ක වර්ධනයක බවයි වාර්තා වන්නේ.