ලෝක කුසලාන විස්සයි තරඟාවලියේ බොහෝ දෙනා බලා සිටි ඉන්දු පකිස්ථාන තරඟය අද පැවැත්වුණා. එහිදී ලකුණු 06කින් පාකිස්ථානය පරාජයට පත් කරමින් තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව අද (10) සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පළමු පන්දුවාරය අවසන් වී ලකුණු 08ක් ලබා සිටියදී පිටියට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නැවැත්වීමට සිදුවුණා.
අනතුරුව නැවතත් තරගය ආරම්භ වීමෙන් පසු පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස විරාට් කෝලි ලකුණු 04 (03) කට දවා ගැනීමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා.
එහිදී ඉන්දියාව වෙනුවෙන් Rishabh Pant ලකුණු 42 (31)ක් ලබා ගත් අතර, Axar Patel ලබා ගත්තේ ලකුණු 20 (18)ක් පමණයි.
නායක රෝහිත් ශර්මා ලකුණු 13 (12) කට දැවී ගිය අතර, ඔහු ඇතුළු වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට හෝ ලඟා වීමට නොහැකි මට්ටමට පාකිස්ථාන පන්දු යවන්නන් විසින් ඉන්දීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ලකරනු ලැබුවා.
පාකිස්ථානයේ දක්ෂ පන්දු රැකීම හමුවේ අසරණ වූ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 119ක් පමණයි.
අනතුරුව ලකුණු 120ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමටද ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අසරණ වෙමින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 113ක් පමණයි.
පන්දුවට පහරදීමේදී පාකිස්ථාන කණ්ඩායමේ නායක Babar Azam ලකුණු 13 (10)ක් ද, Usman Khan ලකුණු 13 (15)ක්ද, Fakhar Zaman ලකුණු 13 (08)ක්ද, Mohammad Rizwan ලකුණු 31 (44) ක්ද, Imad Wasim ලකුණු 15 (23) ක්ද, පාකිස්ථානය වෙනුවෙන් රැස් කළා.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Jasprit Bumrah කඩුලු 03ක්ද, Hardik Pandya කඩුලු 02ක්ද, Axar Patel සහ Arshdeep Singh එක් කඩුල්ල බැගින්ද දවා ගත්තා.
ඒ අනුව තරඟාවලියේ දෙවන තරඟයත් පරාජය වූ පකිස්ථානය ප්රසාද ලකුණු සටහනේ සිවු වන ස්ථානය දක්වා පසු බසින විට ඉන්දියාව ප්රසාද ලකුණු සටහනේ පලමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.