වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් එළඹෙන 26 වන දින දිවයින පුරා අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ.
මේ බව ප්‍රකාශ කළේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාය.
එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ලබන 12 වනදා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.