මිහිර කියන්නෙ පොඩි කාලෙ අපි හැමෝම වගේ එනකන් ආසාවෙන් බලාගෙන ඉඳලා කියවපු සති පතා මුද්‍රණය වුණ ළමා පුවත්පතක් බව අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නෑ.
දැන් වගේ හැම දෙයක්ම අන්තර්ජාලයේ එක ක්ලික් එකකින් හොයාගන්න පුලුවන් කමක් තිබුණෙ නැති ඒ කාලෙ ළමා පරපුරේ දැනුම කුසලතා විතරක් නෙවෙයි ආකල්ප වර්ධනයටත් මිහිර පත්තරේ කරේ පොඩි සේවයක් නෙවෙයි.
කොහොම නමුත් කාලෙත් එක්ක හැම දෙයක්ම ඩිජිටල්කරණය වෙන යුගයක මිහිර පත්තරෙත් ඩිජිටල් කරන්න මිහිර පත්තරේ ප්රකාශනය කරපු එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම තීරණය කරලා. ඉතින් ලබන සතියෙ ඉඳලා මිහිර පත්තරේ එන්නෙ එකක් විදියට.
ඒත් එක්කම එක්තරා ළමා පරපුරකට අමිල සේවයක් කරපු මිහිර පත්තරේ එහි සතිපතා මුද්‍රිත පුවත්පතක් විදියට ගෙවුණ යුගයක නිමාව සටහන් කරාවි.