By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ලබන වසරේ පොලීසියේ ස්ථාන මාරු මාස 6කට කල්යයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ලබන වසරේ පොලීසියේ ස්ථාන මාරු මාස 6කට කල්යයි
දේශීය

ලබන වසරේ පොලීසියේ ස්ථාන මාරු මාස 6කට කල්යයි

Last updated: December 26, 2024 10:02 am
1 Min Read
Share

2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවා තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් ඊට අදාළ නියෝගය පසුගිය අඟහරුවාදා දිනයේ නිකුත්කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස පළමුවැනි දිනට ක්‍රියාත්මක කිරීමට නියමිත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කළ යුතු දිනය එම වසරේ ජුනි මස 30 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

අත්‍යාවශ්‍ය හේතුන් මත එදිනට පෙර වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිලධාරින් සිටි නම් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සකස් කර නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමණාකරන සහ ජාත්‍යන්තර සබඳතා දිසාව වෙත යොමුකිරීමට කටයුතු කළ යුතු බව වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත.
 
කෙසේ වෙතත් රාජකාරි අවශ්‍යතා මත 2025 වාර්ෂික ස්ථානමාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට මෙම නියෝගය බාධාවක් නොවන බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා දැනුම් දී තිබේ.

TAGGED:Police
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?