By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රඳවා තබා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > රඳවා තබා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළට
ආර්ථිකදේශීය

රඳවා තබා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළට

Last updated: December 18, 2024 3:49 pm
2 Min Read
Share

රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ පැහැදිලි කිරීම පහතින් දැක්වෙයි,

“රඳවා තබාගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට අපි එකඟතාවයකට ආවා.” 

“සාමාන්‍යයෙන් වැඩිහිටි අය, විශ්‍රාමිකයන් යම් මුදල් ප්‍රමාණයක් බැංකුවල තැන්පත් කරලා ඒ ලැබෙන පොලියෙන් ජීවත් වෙනවා.” 

“සාමාන්‍යයෙන් මාසයකට රු 150,000ක් පොලියට වැටුණොත් තමයි එයා බද්දට යටත් වෙන්නේ.  නමුත් රඳවා තබාගැනීමේ බද්ද හරහා සිදුවිය හැකි දේ තමයි රු 150,000කට යටින් ගත්තත් රඳවා ගැනීමේ බද්දක් ලෙස පැනවීමේ හැකියාව තිබීම.” 

“ඒ නිසා අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නව අංශයක් විවෘත කරනවා..ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ බැංකු ගිණුමකින් මේ බද්දට ඇතුළත් නොවේ කියලා තමන් උපකල්පනය කරනවා නම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහින් තමන්ගේ බදු තත්ත්වය ඉදිරිපත් කරලා ඒ බද්දට ඇතුළත්වීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙන පරිදි.” 

“මෙහි අපේක්ෂාව තියෙන්නේ විශ්‍රාමිකයන් වැනි මාසික රු 150,000ට වඩා බදු සීමාව අඩු ආදායමක් ඇති සහ සියයට 10ට බදු අනුපාතයට වඩා අඩු ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට තමන්ගේ රඳවා තබාගැනීමේ බදු අය නොකරන ලෙස සහ අඩු රඳවා තබාගැනීමේ බදු අනුපාතයන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීම.”

“ඒ වගේම අපි තුන්වෙනි සමාලෝචනයේ එකඟතාවයකට ආවා අපගේ දරුවන්ගේ පෝෂණය වැඩිදියුණු කිරීම වෙනුවෙන් දේශීය නැවුම් කිරි සහ යෝගට් නිෂ්පාදන සඳහා අදාළ වන එකතු කළ අගය මත බද්ද ඉවත් කරන්න.”

“පසුගිය රජය එකඟවී තිබුණා සේවා අපනයනය සඳහා බද්ද 30%ක් කියලා. එය අපි 15% දක්වා අඩු කිරීමට එකඟතාවයකට ආවා.”

TAGGED:Tax
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?