By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පරාටේ නීතිය ගැන රජයෙන් තීරණයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > පරාටේ නීතිය ගැන රජයෙන් තීරණයක්
දේශීය

පරාටේ නීතිය ගැන රජයෙන් තීරණයක්

Last updated: December 10, 2024 11:58 am
2 Min Read
Share

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව 2025 වසරේ මාර්තු මස 31 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කළ බවය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ණය ගෙවීම පැහැර හැරීම‌ හේතුවෙන් ඔවුන්ගේ දේපොළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීම මේ වසරේ දෙසැම්බර් 15 වන දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබුණි.

පසුගිය වසර 04ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට දැඩි ලෙස බලපා ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් බැංකුවලින් ලබා ගත් ණය පියවීමේදී දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වූ බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පරාටේ නීතිය අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සම්බන්ධ සංගම මඟින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බවත් ඒ් අනුව මෙලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කළ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

දේපළ වෙන්දේසි කිරීමට ඉඩදීම වෙනුවට එවැනි ණය ආපසු ගෙවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දීම මඟින් දෙපාර්ශ්වයටම සාධනීය විසඳුමක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වඩා සුදුසු බව රජය විසින් නිරීක්ෂණය කර තිබේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම ගැටලුව විසඳීමට බහුමාන යාන්ත්‍රණයක් සකස් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.

TAGGED:LawTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?