By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Monday, May 19, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සිරිපා කරුණාවට ප්ලාස්ටික් බෝතල් තහනම්.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > සිරිපා කරුණාවට ප්ලාස්ටික් බෝතල් තහනම්.
දේශීය

සිරිපා කරුණාවට ප්ලාස්ටික් බෝතල් තහනම්.

Last updated: December 9, 2024 5:32 pm
3 Min Read
Share

මෙවර ශ්‍රී පාද වන්දනා සමය මේ මාසයේ 14වන උඳුවප් පුන් පෝය දින සිට ආරම්භ වී ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත්වීමට නියමිතයි.

වන්දනා සමයේදී නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් සැපයීමේදී ඇතිවන ගැටළු සඳහා විධිමත් අයුරින් විසඳුම් ලබාදීමේ අරමුණින් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) නල්ලතන්නිය ග්‍රාම නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසකගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වුණා.

ශ්‍රීපාද රක්ෂිතයට දැඩි පාරිසරික හානියක් සිදු කරන ප්ලාස්ටික් ජල බෝතල් වන්දනාකරුවන් විසින් ශ්‍රීපාද කඳු මුදුනට ගෙන යාම මෙවර වන්දනා සමයේදී නැවැත්වීමට තීරණය කළ බවයි මෙහිදී ප්‍රකාශයට පත්වුණේ.

එහෙත් වන්දනාකරුවන්ට ප්‍රමාණවත් පානීය ජලය පරිහරණය සඳහා ඇති පහසුකම් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරුණා.

නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ ශ්‍රීපාද වන්දනාකරුවන්ගේ පරිහරණය සඳහා ධර්ම සුගන්ධය පදනම මගින් ඉදි කරන ලද පානීය ජල ව්‍යාපෘතිය මෙම මස 18වනදා විවෘත කිරීමට නියමිතයි.

මේවන විට නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ තාවකාලික වෙළඳසැල් හිමියන් ශ්‍රීපාද කඳු මුඳුනට අලෙවිය සඳහා යම් ප්‍රමාණයක ප්ලාස්ටික් ජල බෝතල් ගෙනගොස් ඇති බව වෙළඳ සංගමයේ නියෝජිතයින් විසින් මෙහිදී ප්‍රකාශ කළා.

වෙළඳසැල් වලින් එම ජල බෝතල් අලෙවි කිරීමේදී ප්ලාස්ටික් ජල බෝතලයයේ ඇති ජලය වන්දනාකරුවන් විසින් තම නිවෙස්වල සිට රැගෙන එන නැවත පරිසරයට බැහැර නොකරන ජල බෝතල්වලට එම ජලය පුරවා දීමට කටයුතු කරන ලෙස වෙළඳසැල් හිමියන්ට දැනුම්දීමටයි මෙහිදී තීරණය කෙරුණේ.

මෙහිදී මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් ආර්. රාජවීරන් සඳහන් කළේ ඉකුත් වන්දනා සමයේදී වන්දනාකරුවන් විසින් ශ්‍රීපාද රක්ෂිතයට හා පරිසරයට බැහැර කර තිබියදී ප්‍රාදේශිය සභාවේ පරිසර ඒකකය මගින් එක් රැස්කරන ලද හිස් ජල බෝතල් ප්‍රමාණය ටොන් 03ක් පමණ බවයි.

ශ්‍රී පාදස්ථානය වන්දනාව සඳහා පැමිණෙන වයෝවෘද්ධ පුද්ගලයින් හා විවිධ රෝගී පුද්ගලයින් ශ්‍රී පාද කඳු මුඳුණේ සිට හදිසියේ රෝගාතුර වී ප්‍රතිකාර සඳහා මස්කෙළිය
ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ඒමේදී ප්‍රතිකාර ප්‍රමාධවීමෙන් සෑම වන්දනා සමයකදීම ඉතා අවාසනාවන්ත ලෙස පුද්ගලයින් කීප දෙනෙක් මරණයට පත් වී ඇති බව මෙහිදී නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ශාන්ත වීරසේකර සඳහන් කළා.

එයට පිළිමක් ලෙස හදිසි ප්‍රථිකාර සඳහා නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ ඉදිකටුපානේ සිට පහළට හදිසි ප්‍රථිකාර මධ්‍යස්ථාන කීපයක් ඉදිකළ යුතු බවයි පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටයේ.

වන්දනාකරුවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව, විදුලිය, සනීපාරක්ෂාව, මාර්ග, දුම්රිය, මගී ප්‍රවාහන සේවාවන්, ආහාර සුරක්ෂිතතාවය, ඇතුළු මූලික පහසුකම් බාධාවකින් තොරව සැපයීම හා ඒ සම්බන්ධව ඇතිවන ගැටළු හා ඊට ලබා දියයුතු විසඳුම් සම්බන්ධවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

TAGGED:Adam s Peak
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?